Error message

  • Deprecated function: Return type of DatabaseStatementBase::execute($args = [], $options = []) should either be compatible with PDOStatement::execute(?array $params = null): bool, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2244 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: Return type of DatabaseStatementEmpty::current() should either be compatible with Iterator::current(): mixed, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2346 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: Return type of DatabaseStatementEmpty::next() should either be compatible with Iterator::next(): void, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2346 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: Return type of DatabaseStatementEmpty::key() should either be compatible with Iterator::key(): mixed, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2346 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: Return type of DatabaseStatementEmpty::valid() should either be compatible with Iterator::valid(): bool, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2346 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: Return type of DatabaseStatementEmpty::rewind() should either be compatible with Iterator::rewind(): void, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in require_once() (line 2346 of /home1/anushke/gcf.focus.lk/includes/database/database.inc).
  • Deprecated function: strlen(): Passing null to parameter #1 ($string) of type string is deprecated in drupal_random_bytes() (line 2293 of /home1/anushke/gcf.focus.lk/includes/bootstrap.inc).
  • Deprecated function: Return type of DateObject::__wakeup() should either be compatible with DateTime::__wakeup(): void, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in include_once() (line 158 of /home1/anushke/gcf.focus.lk/sites/all/modules/contrib/date/date_api/date_api.module).
  • Deprecated function: Return type of DateObject::format($format, $force = false) should either be compatible with DateTime::format(string $format): string, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in include_once() (line 158 of /home1/anushke/gcf.focus.lk/sites/all/modules/contrib/date/date_api/date_api.module).
  • Deprecated function: Return type of DateObject::setTimezone($tz, $force = false) should either be compatible with DateTime::setTimezone(DateTimeZone $timezone): DateTime, or the #[\ReturnTypeWillChange] attribute should be used to temporarily suppress the notice in include_once() (line 158 of /home1/anushke/gcf.focus.lk/sites/all/modules/contrib/date/date_api/date_api.module).
  • Deprecated function: rtrim(): Passing null to parameter #1 ($string) of type string is deprecated in url() (line 2343 of /home1/anushke/gcf.focus.lk/includes/common.inc).
  • Deprecated function: strpos(): Passing null to parameter #1 ($haystack) of type string is deprecated in url_is_external() (line 2387 of /home1/anushke/gcf.focus.lk/includes/common.inc).
  • Deprecated function: str_replace(): Passing null to parameter #3 ($subject) of type array|string is deprecated in url_is_external() (line 2389 of /home1/anushke/gcf.focus.lk/includes/common.inc).
  • Deprecated function: ltrim(): Passing null to parameter #1 ($string) of type string is deprecated in url() (line 2305 of /home1/anushke/gcf.focus.lk/includes/common.inc).

අපි යළි ගොඩ නැගෙන්නෙමූ

"අපි යළි ගොඩ නැගෙන්නෙමූ" නම්  තේමාවෙන් බිහිවූ — "අපේ අපූරු ඉස්කෝලේ "

සුනාමි රළ මීගමුව වෙරළට 

2004 දෙසැම්බර් 26 මුහුද ගොඩ ගැලීමට හේතුවූ සුනාමි රළ මීගමුව වෙරළ තීරයට ළඟා වූයේ ඛෙහෙවින් මන්ද මන්දගාමී ස්වරූපයකිනි. ඒ වන විටත් මීගමුව වෙරළ ආශ්‍රිත ජනයා ආරක්ෂක ස්ථාන කරා ගොස් හමාරය. බොහෝ පිරිස් වෙරළට ඒමට තැත් දැරුවද මීගමුව පොලිසිය එයට හරස් වුනි. ජීවිත හානි වළක්වා ගැනීමට එයින් හැකිවිය. නමුත් සුනාමි රළ වෙරළාසන්න නිවාස ගොඩනැගිලි කීපයකට පහර දී කඩා බිඳ දමා ගියේ පවුල් දෙසීය පණහකට පමණ උන්හිටි තැන් අහිමි කරමිනි. 
 2005 ජනවාරි 15 වැනි සෙනසුරාදා සිට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලනය විසින් අනාථ වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ තාවකාලික කඳවුරු දෙකක, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මගින් සාදා තිබූ කූඩාරම් වල ඔවුන් පදිංචි කරන ලදී. එම වැඩපිළිවෙළ දිගුකාලීන අරමුණු වී තිබුණේ ජනතාව යළි ගොඩනැඟීමයි.ඒ සඳහා රජයේ සහ වෙනත් ආයතන මගින් සිදු කරන විධිමත් වැඩසටහන් මාලාවක් ඔස්සේ කටයුතු සිදුකෙරිනි.
"අපි යළි ගොඩ නැගෙන්නෙමූ˜ යන තේමාව යටතේ සුභසාධක කඳවුරුවල ජීවත් වන ජනතාව ගොඩ නැංවීමේ අරමුණෙන් සුබසාධන කටයුතු සිදු කිරීම හා සේවාවන් සැපයීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය හා පාලනය යටතේ සිදු විය. මෙම සුබ සාධන කටයුතු වඩා කාර්යක්ෂමව හා දීර්ඝකාලීන දැක්මක් තුළ කිරීමට හැකිවනු පිණිස  ප්‍රාදේශීය ලේකම් සුනිල් පෙරේරා මහතාගේ ආරාධනයෙන් කඳවුරු සඳහා එම ජනතාව ඇතුළත්ව කමිටු හතරක් පත්කර ගන්නා ලදී.  නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය තුළින් සුබසාධන කටයුතු සිදුකිරීම එම කමිටු වලට බාරදී තිබුන වගකීමයි. කළමනාකරණය කටයුතු හා සංවිධාන කටයුතු සිදු කිරීමත් මෙම කමිටුවල පොදු වගකීම විය. 

"අපි යළි ගොඩ නැගෙන්නෙමූ˜

මෙම කඳවුරේ වෙසෙන ජනතාවගේ සුභ සාධක අවශ්‍යතාව ඉටු කිරීමට උනන්දු වන ඕනෑම සම්පත් දායකයෙකුට මෙහි පොදු වැඩ සැලැස්මක් අනුව කාලය වෙන් කරවාගෙන වැඩසටහන් පැවැත්වීමේ අවස්ථාව සැලසිනි. මේ වන විට වැල්ලවීදිය කඳවුරේ ආගමික සංස්කෘතික අධ්‍යාපනික හා ක්‍රීඩා කමිටුවේ වැඩ සැලැස්ම එම කමිටුව විසින් සකස් කර තිබිනි. ඒ අනුව ආගමික වැඩසටහන්, පුස්තකාල සේවය, චිත්‍ර හා කවි නිර්මාණ සංගීත හා නැටුම් නාට්‍ය පැවැත්වීම, අධ්‍යාපන කටයුතු පුහුණු වැඩසටහන් පැවැත්වීම යනුවෙන් කදවුර සඳහා වැඩසටහන් හඳුන්වා දෙමින් කටයුතු සිදුකෙරිනි. මේ සඳහා විවිධ ආයතන සංවිධාන හා පුද්ගලයන්ගේ දායකත්වය ලබා ගැනීමට මෙහිදී හැකිවිය. උදාහරණයක් වශයෙන් මීගමුව රෝහලේ  සෞඛ්‍ය අධ්‍යාපන අංශය විසින් සෙනසුරාදා දින වලදී උදේ 9:00 සිට  12:30 දක්වා ළමුන් සඳහා චිත්‍ර සහ කවි නිර්මාණ වැඩසටහන් පවත්වන ලදි. ළමා නිර්මාණ වලින් බිත්ති පුවත් පතක් සකස් කිරීම සිදුවිය. සෙනසුරාදා සවස 3 සිට 5 දක්වා වැල්ලවීදිය දේවස්ථානය මගින් ළමුන් සඳහා වැඩසටහනක් කරන ලදී. මීපුර ප්‍රාදේශීය  පුවත් පතට සම්බන්ද අපටද සෙනසුරාදා සවස 7 සිට 9 දක්වා සතියේ චිත්‍රපටියක් සහ කඳවුරේ කටයුතු පිළිබඳ වාර්තාවක් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් උදාවිය. එම කමිටු ක්‍රියාකාරකම් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන ලදී.

2014 දෙසැම්බර් 26 වන දින ලොව කැළඹූ සුනාමියෙන් ගොඩනැගුණු 
අපේ අපූරු ඉස්කෝලේ කතාව මෙතැන් සිට 

සුනාමි කඳවුරේ ළමා පුස්තකාලය
 
අපට මෙම සුබසාධන කඳවුරේ අධ්‍යාපනික කමිටුව තුළින් ගොඩනැගුන වැඩසටහන බාරව සිටින නිලධාරින් බවට පත්වීමට අවස්ථාව ලැබුනි. ඒනිසා අද අපගේ මෙම අධ්‍යාපන වැඩසටහනේ පදනම සැකසිනි.  ප්‍රථමයෙන් ළමුන්ට පොත් කියවීමට අවශ්‍ය පොත්  කීපහක් සපයා ගැනීමට හැකිවිය. නමුත් පොත් කියවීමට කිසිම පහසුමක් කඳවුරේ තිබුනේ නැත. කුණු කසළ දමන ස්ථානයේ කොටසක් වෙන්කරගෙන මඩුවක් සාදා ගැනීමට  පරිත්‍යාගශීලීන්ගේ අනුගහ්‍රයෙන් හැකි විය. 2005 මාර්තු 16 වන දින සුනාමි කඳවුරේ ළමා පුස්තකාලය ආරම්භ කරන ලදී. ළමුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් ද ක්‍රිිඩා උපකරණ ද දැනුම් වැඩිවර්ධනය  කිරීමේ උපාංග ද මෙම පුස්තකාලයට ලබා ගැනීමට හැකිවිය. 
ළමුන්ගේ අධ්‍යාපනයට දායක වෙමින් දැනුම වර්ධනය කරමින් බොහෝ ක්‍රියාකාරකම් වලට එක් රැස්වීමට ළමා පුස්තකාලය විශාල නිදහසක් මෙන්ම සුදුසු වටාපිටවක්  නිර්මාණය කෙරිනි. එමෙන්ම ළමයින්ගේ කුසලතාවයන් එළිදැක්වීමට ද, පොත් කියවීමටද, චිත්‍ර ඇඳීමද, ඉංග්‍රිසි ඉගෙන ගැනීමටද පරිසර ක්‍රියාකාරකම් කරමින් ළමුන් ඔවුන්ගේම ලොවක ජීවත්වීමට ද මේ ස්ථානය හොඳ තෝතැන්නකි. ඒනිසාම ළමුන්ට මෙම වැඩසටහන 'පුස්තකාලය' ලෙස හැඳින්වීමේ පුරුද්දක් බවට පත්විය. 

ජංගම ළමා පුස්තකාලයක්

මීගමුව සුනාමි කඳවුරේ සිටි පවුල් කිහිපයක් විවිධ ස්ථාන වල පදිංචියට යාම මේ අතර සිදුවු වැදගත් දෙයකි. ළමුන්ගෙ කැමැත්ත හා අවශ්‍යතාවය අනුව ඔවුන් පදිංචි ප්‍රදේශවල ජංගම ළමා පුස්තකාලයක් ලෙස පවත්වාගෙන යාමට අපට ආරාධනා ලැබිනි. ඔවුන්ගේ ඉල්ලීමද අපට අහක දැමීමට නොහැකිය. ඒ අතර කොච්චිකඩේ දෙමව්පියන් විසින් එම ප්‍රදේශයට අපට පැමිණෙන ලෙසද ආරාධනා කරන ලදී. ඒ අනුව කොච්චිකඩේ ඕවිටියා පාරේ සෙල්වදොරේ මහතාගේ නිවසේ ජංගම ළමා පුස්තකාලය 2005 නොවැම්බර් 15 වන දින ආරම්භ කරන ලදී. මෙම මගින් උනන්දුවට හා සතුටට පත් බොහෝ පිරිසක් කතන්දර පොත් කියවීමට, ගීත ගායනා කිරීමට, නාට්‍ය ඉදිරිපත් කිරීමට, ක්‍රීඩාවලට ඉදිරිපත්වීම අපට  අභිප්‍රේරණයක් විය. ඒ අනුව දිගින් දිගටම ජංගම පුස්තකාලය කොච්චිකඩේ පවත්වාගෙන යාම වැල්ලවීදිය කඳවුරේ සිට අප විසින් සිදු කරන ලදී.

තැනින තැනට යන තාවකාලික පුස්තකාලයක්

ක්‍රමයෙන් වැඩිවන ළමුන්ගේ උනන්දුවත් දෙමවුපියන්ගේ අවබෝධයත් නිසා ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය පිරිමැසීම සඳහා ජංගම පුස්තකාලය තාවකාලික පුස්තකාලයක් ලෙස චන්ද්‍ර කුමාර මහතාගේ නිවසේ දී ආරම්භ කරන ලදී.  ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම එම ස්ථානයේ උදේ සිට සවස දක්වා ළමුන්ගේ ඉගෙනීමේ කටයුතු සිදුකිරීමටත්, දැනුම් වර්ධනයත්, ක්‍රීඩා කටයුතු කිරීමටත්, නව වැඩසටහන් බිහිවිය. මේ අනුව සුනාමි කඳවුරෙන් බිහිවුණු නව ජීවන රටාවකට දරුවන් හැඩගැස්වීම සඳහා අපගේ මෙම පුස්තකාල වැඩපිළිවෙළ ඛෙහෙවින් ඉවහල් වූ බව අපට මෙන්ම එම දෙමව්පියන්ටද එමෙන්ම රාජ්‍ය මට්ටමේ නිලධාරීන්ටද අවබෝධය විය.

පුස්තකාල නව වැඩපිළිවෙළ

2006 කාලය වනවිට රටේ ඇතිවුණු අනාරක්ෂක තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට රජය විසින් හදිසියේ තීරණයක් ගන්නා ලදී. එම අවස්ථාවේදී  පුස්තකාලය මගින්  දරුවන් සඳහා දිනපතා  වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන් තුළින් ළමුන්ගේ නව ක්‍රියාකාරකම් ලෙස සමාජ තොරතුරු රැස්කිරීම, කණ්ඩායම් ලෙස වැඩ කිරීම, සෙල්ලම් ගෙවල් සෑදීම හා බත් පිසීම, ශ්‍රමදාන පැවැත්වීම, පරිසර වැඩසටහන් සිදු කිරීම යනාදී සිදුකෙරිනි. විවිධ වැඩසටහන් අත්හදා බැලීමට විශේෂ අවස්ථාවක් ලැබීම නිසාම පුස්තකාල වැඩපිළිවෙළ නව මඟකට යොමු කිරීමට හේතුවක් විය.
විවිධ ස්ථානවල නිවෙස්වල පවත්වාගෙන ගිය පුස්තකාල වැඩසටහන අධ්‍යාපනික කටයුතුවල සිට ළමුන්ගේ සමාජ මානසික දියුණුව දක්වා යන ගමනක් බවට පරිවර්තනය විය. උගන්වන ලද පාඩම් උපයෝගී කරගෙන අධ්‍යාපනික විද්‍යා හා තාක්ෂණික ක්‍රියාකාරකම් පැවැත්වීමටත්,  පන්ති තුළින් ළමුන්ගේ දැක්ම පුළුල් කිරීමටත්, ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමටත් නායකත්වය ගොඩනැංවීමටත් පුස්තකාලයේ  මංපෙත් විවෘත කෙරිනි.

අපේ අපූරු ඉස්කෝලෙ

මේවන විට සුබසාධන කඳවුර සම්පූර්ණයෙන් ඉවත් කරමින් සියලූ දෙනාම නැවත පදිංචි කිරීමේ කාර්යය අවසන් කිරීමට මීගමුවේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සිදු කරන ලදී. ඒ අනුව වැල්ලවීදි කඳවුරේ පුස්තකාලයේ සියලූම භාණ්ඩ ඉවත් කර ගැනීමට අපට සිදුවිය. ඉන්පසු තාවකාලික පුස්තකාලයක් ඉදිකිරීම සඳහා කොච්චිකඩේ සෙල්වදෝරේ මහතාගේ නිවස ඉදිරිපිට මිදුලේ කුඩා කොටසක් වෙන්කර දීමට ඔවුන් කැමැත්ත පළ කරන ලදී. ඒ අනුව පුස්තකාලය නමින් ආරම්භ කළ මේ වැඩසටහන අපේ අපූරු ඉස්කෝලේ යනුවෙන්  2006 දෙසැම්බර් 16 වන දින සිදු කරන ලදී. ඒ තුළින් ළමුන්ට තමන්ගේගේ දැනුම් වැඩි දියුණු කර ගැනීමටත් අධ්‍යාපන පන්ති පවත්වමින් ළමුන්ගේ අධ්‍යාපන ක්‍රමවත්ව කිරීමටත් හැකිවන පරිදි 2007 වසරේ සිට නව අධ්‍යාපන වැඩ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අපට හැකි විය. ප්‍රථම වරට ළමුන්ගේ අත්කම් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට අවස්ථාව ලැබුනි.
සුනාමි කඳවුර අවසන් වනවාත් සමගම සුබසාධන කටයුතු ද නතර වී බොහෝ සංවිධාන හා පුද්ගලයන් ගේ මැදහත්වීම මෙම ජනතාව කෙරෙන් ඉවත් විය. නමුත් අප ආරම්භ කළ මෙම පුස්තකාලය අධ්‍යාපනික වැඩසටහන් තුළින්  එම ජනතාවගේ ඉදිරි ගමන තව තවත් යහපත්  ලෙස ගොඩනැගීම සඳහා කැප වීමට අපට බොහෝ සෙයින් උදව් උපකාර අවශ්‍ය විය. ඒ සඳහා කිතුනු උපාධිධාරීන්ගේ සහෝදරත්වය විවිධ අන්දමින් උපකාර කිරීමටත් ඒ ගැන සොයා බැලීමටත් අප හා සම්බන්ධ වීම මෙම පුස්තකාල ඉදිරි වැඩසටහනට අත්වැලක් සැපයිනි.

අධ්‍යාපනික ආයතනයක්

වසර හතරකට අධික කාලයක් ළමුන්ට සෙවණ දුන් තාවකාලික පුස්තකාල ගොඩනැගිල්ල සිට නව ගොඩනැගිල්ලක් වෙත පියවර තබන්නට හැකිවිය. මීගමුවේ සුනාමි කඳවුරෙන් පටන්ගෙන පුස්තකාලයක් ලෙස ළමුන් තුළ අධ්‍යාපනික අරමුණක් ඇති කරමින් 2010 අප්‍රියෙල් 4 වැනි දින නව ගොඩනැගිල්ලට පා තැබුවේ සැමදෙනාගේම ජීවිතවලට නැවුම් බලාපොරොත්තුවක් උදාකර දෙමිනි. සුනාමි කඳවුරේ අරමුණක් නොතිබුන ප්‍රජාවකට දැන් විදිමත් අධ්‍යාපනික වැඩපිළිවෙලක් ගොඩනගා ඇත. මෙය අපගේ අපූරු ඉස්කෝලේ නමින් හඳුන්වා දුන් නව අධ්‍යාපනික ආයතනය විය. මෙම අධ්‍යාපනික ආයතන තුළින් සමාජ මානසික ගොඩනැගීම සඳහා මෙතෙක් කළ බොහෝ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනයමින් දරුවන්ගේ කටයුතුවලට නොකඩවා පහසුකම් ලබාදීම අරමුණු කෙරිනි.

සාමාන්‍ය පෙළින් උසස් පෙළට යන ගමන

කිසිදු අධ්‍යාපනයක් නොලැබූ  ප්‍රජාවකගේ දරුවන් සමාජ මානසික අංශවලින් අධ්‍යාපනය ලබමින් ක්‍රමයෙන් ගොඩනැගෙන අයුරු අපට දැකගත හැකි විය, දරුවන් සාමාන්‍ය පෙළ විභාග සමත් වෙමින් උසස් පෙළ දක්වා යන ගමනට පා තැබීම 2010 වසරේ සිට ආරම්භ විය. 2021 වන මේ කාලය වනවිට මෙම අපේ අපූරු ඉස්කෝලේ තුළින් උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා හා  ගණිත යන සෑම අංශයකින්ම ඉගෙනුම ලැබූ තරුණ පිරියක් දැන් සමාජ ගතවී සිටී.  අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග, චාරිකා, පරිසරයක වැඩසටහන්, ගෙවතු වගා, ක්‍රීඩා උත්සව හා නත්තල් වැඩසටහන් යන ක්‍රියාකාරකම් වලින් යුත් අංගසම්පූර්ණ අධ්‍යාපනික සමාජීය වැඩපිළිවෙලක් තුළින් ළමුන්ව ගොඩනැගීම සිදුවේ.

කොවිඩ් -19 වසංගතය තුළ අපේ අපූරු පන්තිය. 

මෙම කොවිඩ 19 වසංගතය හමුවේ දරුවන් සඳහා ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනික කටයුතු හා අනෙකුත් කුසලතා වර්ධන වැඩසටහන් පවත්වාගෙන යමින් අපි සිටින්නෙමු. චිත්‍ර ක්‍රීඩා නායකත්ව වැඩසටහන් තුළින් දරුවන්ගේ නිවෙස් ගත හුදකලා ජිිවිතය ප්‍රබෝධමත් කිරීමට අපේ අපූරු පාසල් වැඩසටහන දරුවන්ට විශාල ශක්තියක් හා ධෛර්යයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. ඕනෑම තත්ත්වයන් යටතේ හැඩගැසී ඉදිරියට යෑමට අපගේ මෙම අධ්‍යාපන වැඩපිළිවලට හැකියාව තිබේ. සම්පත් ඉතාම අඩු තත්ත්වයන් තුළ පහසුකම් නොමැතිව අප මෙතෙක්  ආ ගමනට දැන නොදැන සහයදුන් අය බොහෝමයි. එදා සිට අද දක්වාම අප ස්වෙච්ඡාවෙන් කරගෙන යන මේ වැඩසටහන් නොකඩවා කිරීමට අප මෙන් තවත් කවුරුන් හෝ ගොඩනැගෙනු ඇත. 

ඉදිරි ගමන කෙසේ සිදුවේද? 

අපට ස්ථීර ආදායම් මාර්ගයක් නැත. වරුවක් පමණක් සාමාන්‍ය රැකියාවක් කරමින් අධ්‍යාපන වැඩසටහන කිරීමට අවස්ථාවන්ද සුලබ නැත. එසේ බලනවිට රැකියා සුදුසුකම් තියෙන කෙනෙක් මෙවැනි භාරදූර වැඩකට අපි මෙන් කාලය දීමේ අවදානම් බාරගනීවි දැයි නොදනිමු.  
නමුත් අපගේ අත්දැකීම නම්  සෑම කාලයකටම මෙවැනි අධ්‍යාපනික කාර්යයන් සමාජ වගකීමක් ලෙස  ගැනීම කිතුනු අපට පැවරී ඇති බවයි. යම් කාලයක් ස්වෙච්ඡාවෙන් නොකඩවා කෙරෙන සේවයකට  මෙම ලිපිය කියවන ඔබවත් අපවත් කැඳවා තිබේ. එය සිදුකරන ආකාරය එක් එක් අයට වෙනස් විය හැක. 
තව වසර හතරකින් එනම් එළඹෙන 2025 දී විසිවසරක් සපිරෙන විට, අප ඇරඹු ගමන මෙම ප්‍රජාවගේ සමාජය තුළ ජීවිත පරිවර්තනයන් සිදුකරමින් ඉදිරයටම යනු ඇත. අපේ අපූරු ඉස්කොලේ යන මෙම සංකල්පය දීර්ඝ කාලයක් නොනැවතී යාම සමාජ අවශ්‍යතාවක් ලෙසද පවතින බව අපගේ හැගීමයි. රටේ කොතැනක උනත් දරුවන්ට මෙවැනි ස්වෙච්ඡා අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීමට මෙන්ම  හැකි අන්දමේ සහයදීමටත්  අධ්‍යාපනයෙන් ජීවිතය ගොඩනගා ගත්  කිතුනු උපාධිධාරීන්වන අපප් සැමගේ ආශාවත් ලැදියාවත් වන්නේමය.

ජෙරාඩ් සහ ජෙසිකා 
වෙන්නප්පුව
2021 අගෝස්තු 22